ලෝක උරුම ලයිස්තුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. පාරිසරික සංවේදී කලාපය හරහා අධි බලැති විදුලි පද්ධති ඇදීම මගින් මෙම අනතුර මතුව ඇත. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පරිසර කමිටුවේ දී මේ බව පෙන්වා දී ඇත. රත්තොට මැද්දවත්ත ප්‍රදේශයේ සිට රිවස්ටන් හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් ඇදීමට තීරණය කර ඇති අතර එය සිදුකළ හොත් මේ හරහා පරිසර පද්ධතියට හානියක් සිදුවන බව පෙන්වා දී තිබේ. ඊට විකල්පයක් ලෙස භූගතව විදුලිය රැහැන් ඇදීමට කටයුතු කළ හැකි බවත් ඒ සඳහා වැය වන මුදල් හරිත දේශගුණ අරමුදල මගින් ලබාගත හැකි බවත් පරිසරවේදී පෙන්වා දී තිබේ.

0
10

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත

පසුගිය නොවැම්බර් 5 වැනි දින මීමැස්සෝ නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් අදාල නඩු තීන්දුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බැවින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා සුදුසු දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here