ලෝක උරුම ලයිස්තුවෙන් නකල්ස් ඉවතට

0
8

ලෝක උරුම ලයිස්තුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

පාරිසරික සංවේදී කලාපය හරහා අධි බලැති විදුලි පද්ධති ඇදීම මගින් මෙම අනතුර මතුව ඇත.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පරිසර කමිටුවේ දී මේ බව පෙන්වා දී ඇත.

රත්තොට මැද්දවත්ත ප්‍රදේශයේ සිට රිවස්ටන් හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් ඇදීමට තීරණය කර ඇති අතර එය සිදුකළ හොත් මේ හරහා පරිසර පද්ධතියට හානියක් සිදුවන බව පෙන්වා දී තිබේ.

ඊට විකල්පයක් ලෙස භූගතව විදුලිය රැහැන් ඇදීමට කටයුතු කළ හැකි බවත් ඒ සඳහා වැය වන මුදල් හරිත දේශගුණ අරමුදල මගින් ලබාගත හැකි බවත් පරිසරවේදී පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here