බදුලු තැපැල් දුම්රිය දෙකම නවතී.

0
6

උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් කඳු නායායෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර විය.මේ හේතුවෙන් අද දිනය පුරා උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද කිරීමට සහ සීමා කරමින් ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටස අද උදෑසන 05 ට පමණ නාය යෑමෙන් දුම්රිය මාර්ගය අවහිරවිය.තව ද උඩරට දුම්රිය මාර්ගයේ හාලී ඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගය කොටසක් සහ අඹේවෙල හා පට්ටිපොළ අතර නාය යෑමක් සිදුවෙමින් පවතින බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here