යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි

0
8

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ය.

මේ අතර ඊශ්‍රායලය රුසියානු බලධාරීන්ට දන්වා ඇත්තේ යුදෙව් ජාතිකයින් ඇතුළු සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

ටෙල් අවීව් හි සිට පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ආරංචි පැතිර යාමත් සමගම මුස්ලිම් තරුණයින් ගුවන්තොටුපොළ ට කඩා වැදී තිබුණි.

එම පිරිසෙන් සමහරු ගුවන් යානය වටකර ඇති අතර පසුව ආරක්ෂක නිලධාරීන් ඔවුන්ව ඉවත්කර තිබේ.

ගුවන්තොටුපොළ තුළ කලබල කළ 60 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය.

මේ වනවිට එම ගුවන්තොටුපොළ වසා දමා ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here