ඩොලර් ගෙනෙන්නෝ සම්මාන ලබති

0
7

අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර 2021/22 සහ 2022/23 මූල්‍ය වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම මෙවර සිදු විය.

සෑම මූල්‍ය වර්ෂයක් සඳහාම සමස්ත සම්මාන 13ක්, නිෂ්පාදන සහ සේවා අංශයේ සම්මාන 51ක් සමඟින් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මත විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා මෙවර කුසලතා සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.

කුසලතා සම්මානලාභීන්ට සමරු ඵලක සහ සහතිකපත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here