ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිනොගන්නා බව මහින්ද කියයි.

0
5

රට බංකොලොත් වීමට තමා ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බවත් අවස්ථාව ලැබුණු විට ඊට වගකිව යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පැවසීය.

උපන්දිනය සැමරීමට ඊයේ රාත්‍රියේ මහනුවරට පැමිණ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ තම ආණ්ඩුවේ වැරදි කළමනාකාරීත්වය නිසා රට බංකොලොත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඔබ පිළිගන්නවාද යන්නයි. ආර්ථිකය සහ ජනතාවගේ මානව හිමිකම් කඩ කර තිබෙනවා.

අධිකරණ තීන්දුව පිළිනොගන්නා බව තමා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබූ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අවශ්‍ය කරුණු ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබුණු පසු පිළිතුරු ලබාදෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම වසරේ පක්‍ෂ සමුළුව ඉහළ මට්ටමින් පවත්වන බවත් ඒ ඒ දිස්ති‍්‍රක්ක මට්ටමින් සංවිධාන කටයුතු සිදු කරන බවත් ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here