හෙට අයවැය ගැන මෛත්‍රීලාගේ තීරණය.

0
7

හෙට (21දා) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සමඟ එක්ව තීරණයක් ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පොළොන්නරුවේදී පැවසීය.

හිගුරක්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකළ නව ධර්ම මන්දිර ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

“රටේ ගොවියාගේ සිට අනෙකුත් සාමාන්‍ය පුරවැසියන් දක්වා, ධීවරයන් දක්වා, රටේ ජනතාව ජීවත් වන්නේ ඉතා දුෂ්කර හා පීඩාකාරී තත්ත්වයකයි. රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් සහ ජනතාව එදිනෙදා පැවැත්ම සඳහා අරගලයකට මුහුණ දෙනවා.

මේ ප්‍රශ්න පැය 24ම තියෙන ප්‍රශ්න නෙවෙයි. නමුත් විධිමත් සැලසුම් ක්‍රමයක් තුළ මේ ගැටලු යම් ප්‍රමාණයකට විසඳාගත හැකියි. මේ රටේ බලයට එන්න ඕනෑ මහජන දේපළ වංචා නොකරන, අයථා පරිහරණය නොකරන මිනිස්සු. අද ආණ්ඩු පක්ෂය ගැන මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දන්නවා

අරගල කළත් ජනතාව අතර ජනප්‍රිය නැති ආණ්ඩු පක්ෂය සමඟ අපි පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක එකතු වෙලා මැතිවරණය ගැන උදේ තීන්දුවක් ගන්නවා.

තවද, ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් සංවිධානය වී ඇති බවත් එම ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here