ගජමුතු අලි කෙඳි සමග අයෙක් සැකපිට

0
7

බදුල්ල ගල්කන්දේ නිවසක සගවා තිබූ ඉතා වටිනාකමින් යුතු ගජමුතු 2ක්, අලි කෙදි 2ක් මත්පෙති 10ක් සමඟ පුද්ගලයකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය කීය

ලැබුණු තොරතුරක් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වෙස්වලාගෙන ගොස් සිදු කල වැටලීමකදී ගල්කන්ද ප්‍රදේශයේ නිවසක කබඩ් එකක දමා සගවා තිබූ ගජමුතු දෙක, අලි කෙදි දෙක අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සැකකරු සන්තකයේ තිබී මත්පෙති තොගය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here