තවත් ජාවාරමක අයකු රිමාන්ඩ්

0
9

කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා පෙරේදා (11) නියෝග කළේය.

මෙම සැකකරු, අදාල දරුවාගේ පන්තිභාර ගුරුවරයා ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම ලබාගෙන ඇතැයිද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රන්දෝලියාගල, 20 කනුව, මාපාකඩවැව මහියංගණය පදිංචි ගම්හේවාලාගේ ආනන්ද අමරසිංහ රාජපක්ෂ නමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කඳානේ පදිංචි නිලන්ත සංජීව අඹගහවත්තගේ නමැති ප්‍රවර්ධන කළමනාකරුවකු විසිනි.

ඉකුත් 27 වැනි දා උදෑසන 8.40ට පමණ තම බිරිඳගෙ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමතුමක් ලබා ගනිමින් තමන්ගේ වැඩිමහලු පුත්‍රයා අසනීපව රෝහල් ගතකල බවත් හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බැවින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පනස් දාහක මුදලක් ඉක්මනින් බැංකු ගත කරන ලෙසට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here