අල්ලස් ගන්න ගිය ග්‍රාමසේවක රිමාන්ඩ්

0
7

හෝමාගම පිටිපන සුවපබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරැවරියකගේ දරුවන් මරා මරා දමන බවට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කර ලක්ෂ විස්සක කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ග්‍රාම නිළධාරීවරයා මෙම 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් බන්ඳු ලියනගේ මහතා අද (12) දින නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුවන් කුමාර නැමැති ග්‍රාම නිලධාරී වරයෙකි.

රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ලබා නොදුනහොත් දරුවන් තිදෙනා මරා දමන බවට හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඉල්ලූ ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේ ම ග්‍රාම නිළධාරීවරයා හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් මෙලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here