CDBට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 30ක්

0
14

එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) හි ප්‍රධාන විධායක නිලධාරී Scott Nathan මහතා පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර සිය සංචාරය අතරවාරයේ දී සිටිසන් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (CDB) වෙත ඩොලර් මිලියන 30ක මූල්‍යකරණයක් නිවේදනය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ව්‍යවසායක කාන්තාවන්, තිරසාර මූල්‍යකරණයන් සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත සහාය දැක්වීම සඳහා මෙම මූල්‍යකරණය ලබා දී තිබේ.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයක දී DFC වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී Scott Nathan මහතා සහ CDB සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර යන මහත්වරුන් විසින් මේ සඳහා වන ගිවිසුමට අත්සන් තබන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here