ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

0
9

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලේ මූල්‍ය හා ආයතනික ශක්‍යතාවය වර්ධනය කර ගැනීම  සඳහා  ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ (ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින්) ලෝක බැංකුව විසින් එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරන ලදී.

ලෝක බැංකුව විසින් 2023 නොවැම්බර් 09 වන දින පහත සඳහන් මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලදී.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ක්ෂේත්‍රෙය්  ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරන ලදී.

“මූල්‍ය පද්ධතියේ පැවැත්ම සඳහා ශක්තිමත් ආරක්ෂිත ජාලයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය තුලින් ඉස්මතු කර පෙන්වයි. රටක ආර්ථිකයට, ව්‍යාපාරික සහ පුද්ගලයන්, කුඩා පරිමාණ ව්‍යාපාර සහ අඩු ආදායම්ලාභී කුටුම්භයන් සඳහා රටක ස්ථාවර සහ විශ්වාසනීය බැංකු අංශයක් අත්‍යාවශ්‍ය වේ” ලෙස ෆාරිස් හඩාඩ් -සර්වෝස්,  මාල දිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සම්බන්ධිත අධ්‍යක්ෂ පවසා සිටියේය.

කුඩා තැන්පතුකරුවන් වන කාන්තාවන් සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත්වන ජනතාවගේ ඉතුරුම් ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමෙන් කල හැක. එමෙන්ම රටක පුනර්ජිවනය තීරණය කරනු ලබන ප්‍රධාන සාධකයක් ලෙස මූල්‍ය ක්‍රමය කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීම මේ හරහා කල හැක.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ (SLDIS) මූල්‍ය හා ආයතනික ශක්‍යතාවය ඉහළ නැංවීම සඳහා “මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” නිර්මාණය කර ඇත. මෙමඟින් ශ්‍රී ලංකා තැන්පතු හා රක්ෂණ යෝජනා ක්‍රමයෙහි සංචිත ඉහළ නැංවීම තුලින්  බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් වල රක්ෂිත තැන්පත්කරුවන්ට සිදු කරන රක්ෂණ ගෙවීම් කාර්යක්ෂම සිදු කිරීම අපේක්ෂා කෙරේ. මීට සමගාමීව, ජාත්‍යන්තර පරිචයන්ට අනුකූලව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ආයතනික වශයෙන් ශක්තිමත් කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත.

මූල්‍ය අංශයේ විශේෂඥ සහ ව්‍යාපෘතියේ කාර්ය සාධක කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන ඇලෙක්සැන්ඩර් පැන්කොව්  “ආර්ථික අර්බුදයකදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මූල්‍ය අංශයේ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ,” යැයි ප්‍රකාශ කලේය. ” විධිමත් අධීක්ෂණයක් හා නිරාකරණ රාමු සහිත ශක්තිමත් තැන්පතු රක්ෂණ ක්‍රමයක් තුලින් මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය සහ ඔවුන්ගේ ඉතුරුම් වල සුරක්ෂිතභාවය වැඩි දියුණු වේ.”

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය 2010 දී පිහිටුවන ලද අතර මෑත වසරවලදී අසාර්ථකත්වයට පත්වූ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා ගෙවීම් කිහිපයක් සිදු කර ඇත. දැනට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් රුපියල් 1,100,000ක් දක්වා කුටුම්භ සහ ආයතනික තැන්පතු ආවරණය වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු තැන්පතු වලින් 90%කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් ආවරණය කෙරේ. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය සඳහා වන නෛතික රාමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වසර මුලදී බැංකු විශේෂ විධි විධාන පනත යටතේ වැඩිදියුණු කරන ලදී.

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ නෛතික බලතල ඵලදායී ලෙස ඉටු කිරීමට හැකි වීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ආයතනික හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here