බංග්ලාදේශයට සුපිරි ජයක්

0
7

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ලකුණු 280ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 41යි පන්දු 1කදී කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ බංග්ලාදේශ නායක  Shakib Al Hasan පන්දු 65කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග ලකුණු 82ක් රැස්කළේය.

Najmul Hossain Shanto ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 90ක් රැස්කරගත්තේ පන්දු 101කදී හතරේ පහර 12ක සමගිනි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 69කට කදුළු 3ක් දවාගැනීමට සමත්විය.

එසේම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ තැන නැවත හිමිකරගැනීමට ඩිල්ශාන් සමත්විය.

ඒ මේ දක්වා කඩුලු 21ක් ලබාගිනිමිනි.

මහීෂ් තීක්ෂණ සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 බැගින් දවාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here