2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී SMR Consolidated රන් සම්මානයට පාත්‍ර වේ

0
9

SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාරයට ගතහැකි තෙල් සහ මේදමය නිෂ්පාදන නිෂ්පාදකයා, පිරිපහදු කරන්නා සහ අපනයනකරු වේ. ඔවුන් මෙතෙක් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසින්, ඔවුන්ගේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම උදෙසා, කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙතින් පිරිනැමෙන, ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ ගෞරවනීය රන් සම්මානය දිනා ගත්තේය. කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), මෙම සම්මාන උළෙල  නොවැම්බර් මස 01 වැනි දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd), වෙත ලැබුණු මෙම සම්මානය, SMR Consolidated හි කළමනාකාර අධ්‍යක්ෂක තිෂාන් කරුණාසේන මහතා විසින් සමාගම වෙනුවෙන් පිළිගනු ලැබීය.

SMR Consolidated හි උපාය මාර්ගික ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී දිමන්ත නානායක්කාර මහතා සිය සතුට පළ කළේ, “මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීමට සහ මහා පරිමාණ පොල් අංශය නියෝජනය කිරීමට ලැබීම සැබවින්ම ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස අප සලකමු. අපගේ ආරම්භයේ සිටම ඉතා ඉහල ගුණාත්මකභාවයක් පවත්වා ගත අතර, එම සුරැකි විශ්වසනීයත්වය නිසාම ලොව පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක අපගේ නිෂ්පාදන සදහා ඉහළ ඉල්ලුමක් ඇත. මෙම ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අපි සෑම දිනකම ඉතා කැපවීමෙන් කටයුතු කරන අතර. 1960 කාලවකවානුවේදී පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ආයතනයක් ලෙස ඇරඹි අපගේ ගමන ස්ථාවර වර්ධනයක් ඔස්සේ ප්‍රසාරණය විය. 1997 දී, ශ්‍රී ලංකාවේ ප්‍රථම අඛණ්ඩ භෞතික ආහාරයට ගත හැකි තෙල් පිරිපහදු කිරීමේ පහසුකම භාවිතයට පුරෝගාමී වෙමින්, අපි අපේ ආහාරයට ගත හැකි තෙල් පිරිපහදුවක් ආරම්භ කළෙමු. එතැන් සිට, අපි ගුණාත්මකභාවය මුල්තැන දෙමින් කර්මාන්තයට නායකත්වය දුන්නා. දේශීය සහ ගෝලීය වශයෙන් අපගේ වටිනා පාරිභෝගිකයින් අපගේ නිෂ්පාදන කෙරෙහි දක්වන නොවෙනස්වන විශ්වාසය අපි අගය කරමු.

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ක්ෂුද්‍ර, කුඩා හා මහා පරිමාණ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රවල පුළුල් පරාසයක විහිදුණු හොඳම ව්‍යවසායකයින් තෝරා ගැනීමේ දීප ව්‍යාප්ත තරගයකි. ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබන අතර, ප්‍රමිතික පරාසයක් ආවරණය වන පරිදි දැඩි ඇගයුම් නිර්ණායකයන්ට අනුකූලව, අපක්ෂපාතී විනිසුරු මඩුල්ලක් විසින් අයදුම්පත් දැඩි හා පරිපූර්ණ තක්සේරුවකින් පසුව මෙම සම්මාන ප්‍රදානය කෙරේ.

SMR Consolidated හි ගුණාත්මකභාවය පවත්වා ගැනීම උදෙසා නොසැලෙන කැපවීම වෙනුවෙන් සමාගමට BRC, FSSC 22000, ISO, SEDEX, SMETA, FAIRTRADE Organic, සහ Kosher ඇතුළු කීර්තිමත් ආහාර සුරක්ෂිතතාව සහ තත්ත්ව සහතික ලබා දී ඇත. 2023 දී, සමාගම පළමු වරට මහාද්වීප හයක් පුරා රටවල් පනහකට වැඩි ගණනකට සිය නිෂ්පාදන අපනයනය කරමින් සැලකිය යුතු සන්ධිස්ථානයකට ළඟා විය. මීට අමතරව, සමාගම 2022 ජාතික කර්මාන්ත සම්මාන උළෙලේදී පොල් කර්මාන්ත – මහා පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මාන දෙකක් (ජාතික මට්ටමේ) සහ 2022 ජාතික අපනයනකරුවන්ගේ වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ශ්‍රී ලාංකේය ප්‍රජාව තුල, මුල්බැසගත් ව්‍යාපාරයක් ලෙස, SMR Consolidated විසින් ප්‍රජාව කෙරෙහි තිරසාරභාවය කෙරෙහි අවධාරණය කරන අතර, උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීමෙන් ඔබ්බට විවිධ ආකාරවලින් ශ්‍රී ලංකාවේ ජනතාවට වටිනාකම් ලබාදෙයි. දේශීය වශයෙන් පෝෂණය වූ ව්‍යවසාය ව්‍යාපාරයක්  වන SMR Consolidated, පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට සෘජුවම රැකියා ලබා දෙමින් සහ 5,000කට අධික පිරිසකට වක්‍ර ආර්ථික අවස්ථාද නිර්මාණය කරමින්, ග්‍රාමීය පවුල් 6,000කට වැඩි පිරිසකගේ ජීවනෝපාය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින් ප්‍රජාව සවිබල ගැන්වීමෙහි සක්‍රීයව දායක වේ. තවද, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන හරහා ශ්‍රී ලංකාව පිළිබඳ ගෝලීය ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහාද  SMR Consolidated ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here