පලස්තීනයේ සහායට දහස් ගණන් වැසියෝ පාරට බසිති

0
7
Jordanians carry flags and placards as they demonstrate against the declaration of intent for water-for-energy deal signed by Israel, Jordan and the UAE, in Amman, Jordan November 26, 2021. REUTERS/Muath Freij

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැඩි අසරණභාවයට පත් ව සිටින ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහාය දක්වමින් ජෝර්දානයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්විය.

ඒ ජෝර්දාන වැසියන් සිය ගණනකගේ සහභාගිත්වයෙනි.

විරෝධතාව පැවැත්වුණේ ජෝර්දානයේ අම්මාන් අගනුවර දී ය.

විරෝධතාව ඇරඹීමට පෙර ඔවුන් යාඥාවන්හි නිරත වී තිබුණි.

අම්මාන් අගනුවර පුරා විසිර සිටි පිරිස විරෝධතාවේ නිරත වී තිබුණේ ජෝර්දාන සහ පලස්තීන ධජය අතැතිවය.

ජෝර්දාන ජනතාව සෑම විටෙකම පලස්තීන ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කිරීමට මෙලෙස විරෝධතාවට එක් වූ පිරිස පවසා තිබේ.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සියල්ල අවසානයේ ඔවුන් පලස්තීන ජාතිකයින්ගේ ජයග්‍රහණය අපේක්ෂා කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here